තමන්ටම කියලා බ්ලොග් එකක් හදාගමු

ඔයාලගේ හිතේත් ඇති තමන්ටම කියලා බ්ලොග් එකක් හදන්න අසාවක්.ඔයා දන්න අලුත් වැඩ කෑලි  දාලා ලස්සනට බ්ලොග් එකක් හදා ගන්න.මේන්න ඒක නොදන්න අයට මගෙන් තෑග්ගක්.ඔයා කැමති දෙයක් ඔයාගේ බ්ලොග් එකට දාගන්න ඔයාට අවස්ථාව තියෙනවා.අපි එහෙනම් වැඩේට බහිමු.


1.මුලින්ම යන්න http://www.blogger.com/ 
මේ වෙබ් සයිට් එක හරහා තමා අපි වෙබ් එක හදාගන්න ඕනා.ඊලගට ඔයාලගේ පරණ gmail a/c එකෙන් හරි නැත්තම් අලුත් gmail a/c  එකකින් හරි ලොග් වෙන්න.ලොග් උනාම මෙහෙම වින්ඩෝව් එකක් එයි.


ඒකේ කියන Display name එකට කැමති නමක් දාලා.අන්තීමට තියෙන් එකට හරියක් දාලා Continue දෙන්න.ඔන්න ඊට පස්සේ මෙහෙම එකකට එයි.




ඒකේ CREATE YOUR BLOG NOW ඔබන්න.දැන් වැඩේ ගොඩක් දුරට ඉවරයි.දැන් මෙහෙම වින්ඩෝව් එකක් ඇවිල්ලා ඇති.
ඒකේ Blog Title එකට ඔයාගේ බ්ලොග් එකේ මාතෘකාවා දෙන්න.ඊට පස්සේ Blog address (URL) එකට ඔයාගේ බ්ලොග් ඇඩ්‍රස් එක හැදෙන්න ඕන අකාරය දෙන්න.ඒ කියන්න ඔබ මෙතනින් දෙන නම තමා ඔබේ වෙබ් ඇඩ්‍රස් එක වෙන්නේ.ඊට පස්සේ Continue ඔබන්න.දැන් මෙහෙම වින්ඩෝව් එකක් ඇවිල්ලා ඇති.
මේ තියෙන්න ඔයාගේ සයිට් එකේ පසුබිම සහ අදාල දේවල් තියෙන වින්ඩෝව් එක මෙතනින් ඔයා කැමති එකක් තෝර ගන්න.ඊට පස්සේ Continue ඔබන්න.
දැන් Start Blogging ඔබන්න.ඔන්න දැන් ඉතින් වඩේ ඉවරයි.දැන් ඔබට ඔබගේම කියා බ්ලොග් එකක් තියෙනවා.දැන් ඉතින් ඔයාගේ හිතේ තියෙන දේවල් හරි ඔයා දන්න අලුත් වැඩ කෑලි අනිත් අයට කියල හරි පුලුවන්.

1 comment: